Thursday, July 21, 2016

                               
                                      




                                           මතකය වැඩි කරගන්න හොදින් දත් මදින්න
                 
                   
                    ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් කරන ලද නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ දවසකට වැඩි වාර ලණනක් දත් මදින කාන්තාවන් වයසට ගියත් ඔවුනගේ මතක ශක්තිය දිනකට එක් වරක් පමණක් දත් මදින කාන්තාව වියපත් වන විට මතක ශක්තියට වඩා වාඩිවිය හැකිබවයි. දතවල මැලියම් බැදීම සහ මතකය අතර තිබෙන සබ`දතාවට හේතුවන්නේ කුමන කාරණයද යන්න තවමත් මේ පර්යේෂණවලින්  නිවැරදිව අනාවරනය වී නැතත් කුඩාවියේ සිට වැඩිවාර ගණනක් දත් මැදීමට පුරුදු වී සිටින කාන්තාවන් වයස්ගත වුවද ඔවුන්ගේ මතකය ඉහල මට්ටමක පවතින බව මෙම පර්යේෂණ වලින් හෙළිවී ඇත. 
                  
                     කැලිෆෝනියා ප‍්‍රාන්තයේ කාන්තාවන් 5500ක් ඇසුරෙන් වසර ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ වයස අවුරුදු 18 සිට දවසකට තෙවරක් දත් මැදීම කළ කාන්තාවන් වියපත් වුවද ඔවුන්ගේ මතක ශක්තිය දවසකට එක්වරක්  පමණක් දත් මැදීම කළ කාන්තාවන්ගේ මතක ශක්තියට සාපේක්ෂව සියයට හැටපහකින් වැඩි බවයි. එමෙන්ම දිනකට වැඩිවාර ගණනක් දත් මදින පුද්ගලයින් හෘද රෝග සහ ආඝාතයට ගොදුරුවීමේ ඉඩකඩ අඩුවිය හැකි බවද පර්යේෂකයින් සොයාලෙන තිබේ.




2 comments: