Monday, July 25, 2016
පිරිපුන් දහමක් මැද පිරිහෙන මිනිස්සු
බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සැළකෙන ශ්‍රී ධන්ත ධාතූන් වහන්සේ වැඩ හිදින්නේ අප රටේය. බුදුරදුන් තෙවරක් වැඩම කළ උතුම් රට අපේ රටය. හතර පෝයට සිල් සමාදන්වන බෞද්ධ උපාසක උපාසිකාවන් වසන පුණ්‍ය භූමිය අපේ රටය. එහෙත් මහ පොළොව නුහුළන අපරාධ වන රටද අපේ රටය.
මව්පිය දූ දරුවන්වත් හරිහැට් නොහදුනන මනුෂ්‍යත්වයේ අරුතවත් හරිහැටි වටහානොගත් මිනිසුන් පිරිසක් වසන රටක් බවට ලංකාව පත්ව ඇත. පුතා විසින් මව ඝාතනය කිරීම අහිංසක දරුවන් දුෂණය කර ඝාතනය කරන තත්ත්වයට තරම් මානුෂ ගුණාංග බෞද්ධයන් තුළින් ගිලිහීගොස් ඇත.
තරුණ වැඩිහිටි පිරසකගෙන් පිරීගිය රටක් බවට මෙරට පත්වීිමය. එහි ඇති දුක්ඛදායක තත්ත්වය නම් තම වගකීම් යුතුකම් හරිහැටි නොදත් සමාජයයටද රටටද වැඩක් නොවන පිරිසක් මෙරටට දායාද වීමය.
ආර්ථික සමාජයීය දියුණුවක් අපේක්ෂාවෙන් සංවර්ධිත රටක් කරා මෙරට ගමන් කරන මොහොතේ සිදුවන මහා අපරාධ මංකොල්ලකෑම් වංචාද මහපොළොව නුහුළනා අපරාධ බවට පත්ව තිබේ. තණ්හාවේ උපරිමයටගිය දේශපාලන බල ලෝභීන් සිදුකරනු ලබන අකටයුතුකම්ද රටේ අපරාධ බහුල වීීමට හේතු වී තිබේ. වගකිව යුත්තන තමහිතුමතය පරිදි ක්‍රියාකරන අවස්ථාවක සෙස්සන්ට උපදෙස් දීමට යාම කකුළුවා ඇදයට යමින් පැටවුන්ට කෙළින් යාමට උපදෙස් දෙන්නාක් මෙනි.
සේයාගේ ඝාතනය සියලු දෙනාගේම හදවත් කමිපාවට පත් කළේය. අපරාධකාරයාට දඩුවම් ලැබුනද තවමත් සමාජයේ අපරාධ බහුලව සිදුවෙයි. ළමා දූෂකයන් බහුලව සමාජයේ ජීවත්වෙයි. සුගිය දිනෙක මහියංගනයේ දරුවාගේ ඝාතනයද හිත මහත් කම්පනයක් ඇතිකළ සිදුවීමකි.
උදෑසන ධර්මදේශනාවෙන් පටන්ගෙන පිරිත් වලින් දවසේ වැඩකටයුතු කරන මාධ්‍ය ජාලයක් පවතින රටක පන්සිල් පදවත් නොරකින තත්ත්වයක් උද්ගත වී ඇත.එහි ඇති ඛේදනීය තත්ත්වය නම් ගෙදර බුදුන් අම්මා ලෙස බුදු දහමේ ඉගැන්වූ මව බිරිද සහෝදරිය නොව කුඩා දියණිය පවා නොහදුණන තත්ත්වයට සමාජයේ මිනිස් ගුණධර්මගිලිහී තිබීමයි. කාන්තාව සම තත්ත්වයෙහි ලා බෞද්ධ දර්ශනය තුළ ඉගැන්වූ අවදියක මත්පැන් මත්ද්‍රව්‍ය සිඝ්‍රයෙන් රටතූළව්යාප්ත වෙමින් පවතී. හෙරොයින් ගංජා විවිධ මත්කුඩු ලංකාවේ සෑම දෙසටම ප්‍රවාහනය වෙයි.සිදුවන්නේ මතට ලොල් වූ පාසල් ළමුන් හා තරුණ පිරිසක් සමාජයට දායාද වීමය.
මෙවැනි තත්ත්වයක බෞද්ධ රටක් ලෙස බෞද්ධ ඉගැන්වීම් අනුව ජීවිතය හැඩගස්වා ගන්නේ නම් අපරාධවලින් තොර යහපත් රටක් ගොඩනගා ගැනීමට හැකිනොවන්නේද.....
Thursday, July 21, 2016
මතකය වැඩි කරගන්න හොදින් දත් මදින්න
ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් කරන ලද නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ දවසකට වැඩි වාර ලණනක් දත් මදින කාන්තාවන් වයසට ගියත් ඔවුනගේ මතක ශක්තිය දිනකට එක් වරක් පමණක් දත් මදින කාන්තාව වියපත් වන විට මතක ශක්තියට වඩා වාඩිවිය හැකිබවයි. දතවල මැලියම් බැදීම සහ මතකය අතර තිබෙන සබ`දතාවට හේතුවන්නේ කුමන කාරණයද යන්න තවමත් මේ පර්යේෂණවලින් නිවැරදිව අනාවරනය වී නැතත් කුඩාවියේ සිට වැඩිවාර ගණනක් දත් මැදීමට පුරුදු වී සිටින කාන්තාවන් වයස්ගත වුවද ඔවුන්ගේ මතකය ඉහල මට්ටමක පවතින බව මෙම පර්යේෂණ වලින් හෙළිවී ඇත.
කැලිෆෝනියා ප්‍රාන්තයේ කාන්තාවන් 5500ක් ඇසුරෙන් වසර ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ වයස අවුරුදු 18 සිට දවසකට තෙවරක් දත් මැදීම කළ කාන්තාවන් වියපත් වුවද ඔවුන්ගේ මතක ශක්තිය දවසකට එක්වරක් පමණක් දත් මැදීම කළ කාන්තාවන්ගේ මතක ශක්තියට සාපේක්ෂව සියයට හැටපහකින් වැඩි බවයි. එමෙන්ම දිනකට වැඩිවාර ගණනක් දත් මදින පුද්ගලයින් හෘද රෝග සහ ආඝාතයට ගොදුරුවීමේ ඉඩකඩ අඩුවිය හැකි බවද පර්යේෂකයින් සොයාලෙන තිබේ.
Subscribe to:
Posts (Atom)